[0:00]හයි. මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20,000ක් ඇවිල්ලා. ඉතින් මට 20,000 අරන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ ආදරේ. මට මේ 20,000ට එද්දි මට දැනුණු ආදරේ හැමදාම ලස්සන දිග කමෙන්ට්ස් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එක කියන්නේ මට කොහොමද කියන්නේ? පිස්සුවක්. හරිද? ඒක මම මාර ආසයි බලන්න. ඒ විතරක් නෙමෙයි, මැසේජස් ටික. ඔයා නිසා මෙහෙම මෙහෙම දේවල් වුණා. මේ වගේ මැසේජස් දවසට දෙක තුනක් හරි එනවා. මම අනිවාර්යයෙන් නිදියන්න කලින් හරි මැසේජස් ටික ඔක්කොම බලනවා. අනේ හරිම ආදරණීය ඒවා එවන්නේ ඕගොල්ලෝ. මට හිතාගන්න බැහැ මම එච්චර, ඒ කියන්නේ මම එච්චර දෙයක් කරාද කියලා. ඉතින් ඕගොල්ලොන්ට ගොඩාක් තැන්ක් යු. ගොඩාක් ආදරෙයි. ඉතින් මම හිතුවා සබ්ස් 20,000 අරන් දුන්නේ ඕගොල්ලෝ නිසා ඕගොල්ලෝ ගොඩාක් අය ඉල්ලපු දෙයක් අද ඕගොල්ලොන්ට ගිෆ්ට් කරන්න. ඒ තමයි මගේ ඒ ලෙවල් ස්ටෝරි එක. ඉතින් ඕගොල්ලෝ ගොඩාක් අය ඒ කියන්නේ මගේ Q&A එකෙන් ඕගොල්ලෝ දැනගත්තා මම එක්සෑම් ෆස්ට් ට්‍රයි එක ෆේල් වුණු ළමයෙක් කියලා මෙහෙම හිටියට. ඕගොල්ලෝ ගොඩාක් අය ඒකෙන් පස්සේ මගේ ඒ ලෙවල් ස්ටෝරි එක ඉල්ලුවා. හැමදාම වීඩියෝ එකක් යටින් කමෙන්ට් එකක් වැටෙනවාමයි. අක්කි කවද්ද ඒක අපි ඒක ශෙයා කරගන්නේ කියලා. ඔන්න අද තමයි ශෙයා කරගන්නේ. අද මම ඕගොල්ලෝ මගේ චැනල් එකට ආවා නම් මම තමයි පංචාලී. මම ආයුර්වේදික මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. කොළඹ යුනිවර්සිටි එකේ. මම කියන්න යන්නේ අද මම කොහොමද ඒ ලෙවල් කළේ? මම කොහොමද ඒ ලෙවල්ස් ෆේල් වුණේ? ඇයි මම ෆේල් වුණේ? එතකොට මම කොහොමද ආයේ ඒ ලෙවල් හොඳට පාස් වෙලා කොළඹ යුනිවර්සිටි එකට ආවේ. පොඩි කාලේ ඉඳලා මම සාමාන්‍යයෙන් හොඳට වැඩ කරපු ළමයෙක්. ප්‍රයිමරි ස්කූල් යන කාලේ හැමදාම පන්තියේ පළවෙනියා, දෙවෙනියා එහෙම හොඳට වැඩ කරා. ඩාන්සින් කරා, සින්දු කියන්න යනවා ඉස්සරහට. සින්දු කියන්න බැහැ. මම දැන් සින්දුවක් කිව්වොත් ඕගොල්ලෝ තවත් මගේ චැනල් එක බලන්නෙත් නැහැ. එච්චරකට කැතයි මම සින්දු කියනවා. ඒ කාලේ ඉඳන් මම සින්දු කියන්නත් ඉස්සරහට යනවා. සමහර දවස් වලට තිබ්බා අපේ උදෑසන රැස්වීම් වෙලාවට මම ගියාට පස්සේ ඒ වයිස් ප්‍රින්සිපල් මැඩම් ඉන්න එතන මැඩම් කියනවා ඔය ළමයා හැමදාම එනවා, ඔය ළමයි යන්න, වෙල නොමේක් වෙන්නේ කියන්නේ කියලා. එච්චරකට මම හරියට ඉදිරිපත් වෙනවා දේවල් කරන්න ඒ කාලේ. ශිෂ්‍යත්වය හොඳට පාස් වෙලා අපි තුන් දෙනාම විය කැඩි සෙන්ට්‍රල් එකට ගියේ හය වසරේ ඉඳලා. ඊට පස්සේ ෂේප් එකේ වැඩ ටික් කරගෙන ගියා. ඕ ලෙවල් වලට මට ඒ හයයි බී තුනක් තිබ්බේ. ඊට පස්සේ තමයි මගේ ඒ ලෙවල් පටන් ගත්තේ. මම රිසල්ට්ස් එන්න කලින්ම මම ක්ලාසස් වලට යන්න පටන් ගත්තා. මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මොනවද තෝරගන්න සබ්ජෙක්ට්ස් කියලා. එතකොට තුනකට කැමති වෙලා හිටියා. එකක් තමයි මට ආට්ස් කරන්න ඕනකම තිබ්බා මොකද මට ඩාන්සින් පුළුවන් නිසා. ඊට පස්සේදී මට හිතුනා මට කොමස් කරන්නත් පුළුවන් කියලා මොකද මගේ අම්මගේ බැක්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ අම්මගේ ගෙදර මාමලා, පුංචිලා ඒ හැමෝම කොමස් කරලා යුනිවර්සිටීස් වලට ගිහිල්ලා අද වෙද්දි හොඳ හොඳ තැන්වල ඉන්න කට්ටිය. ඉතින් ඒක නිසා මට හිතුනා මටත් මේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා මට ඒ සයිඩ් එකටත් මට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි බයලජි කියන එක. බයෝ තමයි මගේ ආසාව. මම පොඩි කාලේ ඉඳන් ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒක අම්මයි තාත්තයි ඔළුවට දීපු එකක් නෙමෙයි. කලින්ම චූටිම චූටි කාලේ මගේ කන් දෙක විදපු ඩොක්ටර්, ඩොක්ටර් ඒක නායක ඩොක්ටර් අංකල් කියලා මම කියන්නේ ඩොක්ටර්. ඉස්සර මිස්සට පණාමුරේ තමයි අපි හිටියේ. මට අවුරුදු හතරකටද කොහෙද වෙනකන් හිටියේ. ඒක එතන පීපී එකක් තිබ්බා ඩොක්ටර්ගේ. ඉතින් මම ඩොක්ටර්ගේ පීපී එක ඇතුලේ හැම තිස්සෙම ගිහිල්ලා ඉන්නේ. ඩොක්ටර් මට හරි ආදරෙයි. අපේ තාත්තා එනවා කෝටුවකුත් අරගෙන මාව හොයන්න. අපේ තාත්තා ආස නැහැ මම අර හැම තැනම ඇවිදිනවා එහෙම කෙනෙක් වෙයි කියලා බයේ වෙන්නැති කෝටුවකුත් අරගෙන එනවා. මම ඩොක්ටර් අංකල්ගේ මේසෙයට වෙලා හැංගිලා ඉන්නවා ඩොක්ටර් අංකල්ට කියලා කියන්න එපා මම ඉන්නවා කියලා. අද වෙනකනුත් අපේ අම්මයි තාත්තයි මොනවා හරි වුණ ගමන්ම යන්නේ ඩොක්ටර් ළඟට. ඉතින් පොඩි කාලේ ඉඳන් ඒ ඩොක්ටර්ව දැකලා වෙන්නැති මට හරි ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ කාලේ ඉඳන්ලා ඒ පිස්සුව තිබ්බා මට. මම හිතුවා දැන් මම බයෝ කරනවද, කොමස් කරනවද? ආට්ස් වලින් කරලා ඩාන්සින් පැත්තෙන් යනවද කියලා. දැන් ඕ ලෙවල් ගත්තොත් ඔය තුනටම මට ඒ තුනක් තිබ්බා. ඩාන්සින් වලට ඒ එකක් තිබ්බා, කොමස් වලටත් ඒ එකක් තිබ්බා. සයන්ස් වලටත් ඒ එකක් තිබ්බා. මම හිතුවා දැන් බයෝ කරොත් මට අමාරු වෙයිද දන්නේ නැහැ කියලා. බයලජි අමාරුයි කියලා මතයක් තියෙනවනේ සාමාන්‍යයෙන් කරන්න අමාරුයි කියලා. ඉතින් මට ඒකත් ඔළුවේ තිබ්බා. දැන් බයෝ කරොත් අමාරු වෙයිද දන්නේ නැහැ මට කියලා. ඒ නිසා මම ආට්ස් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ තීරණයකට ආවා. ඊට පස්සේ මම ක්ලාසස් ගියේ කොමස් වලට සහ බයෝ වලට. ඔය දෙකටම මම ක්ලාසස් වලට ගිහින් බැලුවා. ගොඩක් දවසට අපේ අම්මටත් නිවාඩු දාලත් එයත් ආවා මාත් එක්ක ක්ලාසස් වලට යන්න ඒක බලන්න. ක්ලාසස් තෝරගද්දි අම්මත් මගේ මගෙත් එක්ක ආවා ඉතින් ගොඩක් දවසට. කොහොම හරි එක දවසක් මම කොමස් ක්ලාස් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට මම අම්මටයි තාත්තටයි හැමදාම උදේට වඳිනවා ගිහිල්ලා. තාත්තට වඳිද්දි තාත්තා කිව්වා මට පුතා දැන් කොහෙද ක්ලාස් යන්නේ, මොකටද යන්නේ කියලා තාත්තා ඇහුවා. ඉතින් මම කිව්වා කොමස් වලට කියලා. තාත්තා නින්දෙන් ඇහැරුණා විතරයි. ඊට පස්සේදී තාත්තා මගෙන් ඇහුවා පුතා ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස නැද්ද කියලා. ඊට පස්සේ මට හිතුනා හරි. දැන් තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ හීනේ එක මම දන්නවා ඒක. තාත්තා ආසයි මම ඩොක්ටර් කෙනෙක් වෙනවට. ඉතින් මම හිතුවා හරි දැන් තාත්තත් ආසයි, මමත් ආසයි. ඇයි මම මේකට බයේ ඉන්නේ? මම මේක කරනවා එහෙනම් කියලා. කොහොම හරි මුලදි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ. ඒ කරලා තංගල්ලේ ඕ ලෙවල් රිසල්ට්ස් ඇවිල්ලා නැහැ ඒ වෙනකොට. ඊට පස්සේ ක්ලාසස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ කාලේ මම හොඳට වැඩ කරා. හැමදාම ගෙදර ඇවිල්ලා ඒ වැඩ ටික කරා. මුල් පටන් ගත්තු කාලේනේ කොහොමත් එතකොට අර පොඩ්ඩක් තියෙනවානේ කරන්න ඕනේ කියන එක. ඒක තිබ්බා ඒ කාලේ. ඉතින් එදින්න දා වැඩේ දිනදාම නිම කරා. හරිද? ටික දවසක් මාව මාතරට ක්ලාසස් මාරු කරා. මාතර ගිහින් යද්දි තිබ්බ ප්‍රශ්නේ තමයි මම සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි වොමිට් කරන මනුස්සයෙක්. එතකොට මාතර ක්ලාසස් ගිහිල්ලා එනකොට මට මාර අමාරුයි. අර හක්මන පාරේ එන අය දන්නවා ඇති අර වංගු ටික එනකොට මම එන්නේ භාගෙට මැරිලා ගෙදර එද්දි. මට මාර අමාරුයි. ඔළුව රිදෙනවා. කැරකෙනවා. එන්නේ නිකන් පණ නැතුව ගෙදර. ඇවිල්ලා සමහර දවස් වලට මම බත් එක අතේ තියාන් නිදියනවා. මට එච්චර අමාරුයි ඒක. ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා අම්මටයි තාත්තටයි තේරුණා. මට අමාරුයි කියන එකේ ඒ කියන්නේ මගක් ඇවිල්ලා මට කලන්තෙත් හැදෙනවා. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඒ දෙන්නා තීරණය කරා මාව බෝඩ් කරනවා කියලා. ඊට පස්සේ තමයි මම බෝඩ් වෙන්න යන්නේ මාතර. අම්මයි තාත්තයි හොඳ තැනක් හොයලා මාව බෝඩ් කරා. ඒ බෝඩින් හවුස් එකේ ආන්ටි මාර සැරයි. හරිද? එයා උදේට අපි ඇහැරෙන වෙලාවල්, රෑට නිදියන වෙලාවල්, පාඩම් කරනවද? හැම දේම ඇවිල්ලා බලනවා. උඩට ඇවිල්ලා හැමදේම බලනවා අපි මොනවද කරන්නේ ඒ වගේ. එයා එහෙම ළමයි ටික නිකන් ඇතහැරලා ඉන්නා කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසාම තමයි අපේ අම්මයි තාත්තයි මාව එතන බෝඩ් කළේ. අක්කලා ටිකක් හිටියා. මම තමයි ඉන්න පුංචිම එක්කෙනා එතන. අක්කො මම ඉතින් මම වැඩ කරන්නේ නැහැ. අක්කලා ටික වැඩ කරනවා මට පේනවා. ඒගොල්ලෝ වැඩ කරන විදි දැක්කම මට බයත් හිතෙනවා. දේනේ මම මෙච්චර මැරෙන්න ඕනද තව ඉස්සරහට කියලා. ක්ලාසස් වලට යනවා. ගිහිල්ලා ඇවිල්ලා මම ඉතින් ඒ ක්ලාසස් වල වැඩ ටික ෂේප් එකේ කරගෙන හිටියා මුලදී. ඊට පස්සේදී මම ක්ලාසස් ගොඩක් මගෙන් වුණු වැරැද්දක් ඒක. මම ක්ලාසස් මාරු කරා. කෙමිස්ට්‍රි අද එක්කෙනෙක් ගිහින් යනවා, හෙට තව එක්කෙනෙක් ගිහින් බලනවා. එහෙම එහෙම එක එක සර්ලාගේ ගිහිල්ලා බලනවා. එතකොට මට එක මාසෙකට එක සර් කෙනෙක්ගේ තව මාසෙකට තව සර් කෙනෙක්ගේ. එතකොට මට එක එක තැනින් පාඩම් ඒ කියන්නේ හරිම අච්චාරුවක් වගේ. අර සර්ගෙන් චුට්ටයි මේ සර්ගෙන් චුට්ටයි. ඊට පස්සේ ආයේ අනිත් සර්ගේ ඒ කලින් කියපු සර්ගේම යනකොට ඒ සර් ගොඩාක් කරගෙන ගිහිල්ලා ඉවරයි. ඒක මම කරපු හරිම නරක වැඩක් කෙමිස්ට්‍රි වලට. බයෝ වලටත් ඒක වුණා. බයෝ වලටත් මුලින්ම ගියේ තංගල්ලේදී ගියේ මුලින් අජිත් සර්ගේ. අජිත් සර්ගෙන් පස්සේ දිලිප් සර්ගේ ගියා. දිලිප් සර් නැති වුණා මාතර ක්ලාස් යද්දි. ඊට පස්සේ මම ගියේ ටීචර් කෙනෙක්ගේ ක්ලාස්. මට එක එක ක්ලාසස් වල මාරු කර කර ඉඳලා බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් බැහැ. අන්තිමට ෆිසික්ස් විතරයි මම එක දිගට එක ක්ලාස් එකකට ගියේ. කොහොම හරි ඉතින් ඒ විදියට මම ක්ලාසස් මාරු කර කර පළවෙනි අවුරුදු දෙකම හිටියා. ඊට පස්සේ කොහොම හරි අන්තිම කාලේ මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක බෝඩ් වුණා මාතරම. එතකොට චුට්ටක් වැඩ කරා ඒ දෙන්නා ඉන්නවා. අපි තුන් දෙනා වෙනම වැඩ කරේ එකට පාඩම් කරේ නැහැ. ඒ වුණාට මට ඒ වෙද්දි ඇනෙන්න ඕන එක හොඳටම ඇනිලා තිබ්බේ. එක්සෑම් එකට මාස තුනක් විතර තියලා මම ක්ලාසස් වලට ගියෙම නැහැ. මට ගිහින් වැඩක් නැහැ. රිවිෂන් එහෙම පටන් අරගෙනනේ. එතකොට මට ක්ලාසස් වලට ගියාට පේපර් එකක් ලියාගන්න බැහැ. මට මොනවත් තේරෙන්නේ නැහැ. අන්තිම පාඩම් ටික යන්නේ මොනවත්ම තේරෙන්නේ නැහැ. මට එපා වෙනවා. මම ගිහිල්ලා නිදි මට නින්ද යනවා ක්ලාසස් වල. ඒ කියන්නේ තේරෙන්නෙත් නැහැ මුකුත් කරගන්න තේරෙන්නෙත් නැහැ. මට නිදි මතයි. මම නිදිය ගන්නවා ක්ලාසස් වලට ගිහිල්ලා. නිදි වැටෙනවා මෙහෙම. ඉතින් මම හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ. මම ක්ලාසස් වලට ගියත් මම මොනවත් කරගන්න නැහැනේ. මම ගෙදර ඉඳන් වැඩ කරනවා. ගෙදර ඉඳන් වැඩ කරන ටික තමයි හොඳ. එතකොට මට ක්වාලිටි ටයිම් එකක් ගත කරන්න පුළුවන්. මම තනියෙන් වැඩ කරන ටික තමයි හොඳම ටික. තනියෙන් වැඩ කරන තරමට තමයි මට ගොඩ යන්න පුළුවන්. ඔය වගේ පොඩි පණ්ඩිත අදහසක් ඔළුවට ඇවිල්ලා මම ක්ලාසස් යන්නේ නැහැ. ඒක නතර කරලා දාලා ෆිසික්ස් වලට විතරයි ක්ලාසස් වලට ගියේ. අනිත් දෙකටම ගියේ නැහැ. ගෙදර ඉඳගෙන හිටියා. ඒ හිටියා කියලත් මම කරපු වැඩක් නම් නැහැ ඉතින්. හරිද? ඊට පස්සේදී ඔන්න එක්සෑම් එක ගොඩාක්ම ලං වෙලා අපිව ගෙදර යවනවනේ. ගෙදර යද්දි මට බයෝත් බැහැ, කෙමිස්ට්‍රිත් මුකුත් බැහැ. බයෝ ටික අරගෙන පාස් පේපර්ස් වලට අදාළව බැලුවා. තියරි පොට් ටික. තියරි හරි එහෙම මෙහෙම ටියුට් තිබ්බා. ඉතින් ඔක්කොම කම්ප්ලීට් වෙලා තිබ්බේ නැහැ ඒ වුණාට. පොඩ්ඩක් එස් එකක් මට්ටමට ගොඩ දාගත්තා. ෆිසික්ස් ගැන බැලුවේම නැහැ ඒ ටිකේ. ෆිසික්ස් මට චුට්ටක් පුළුවන් ඉතින්. ඊට පස්සේදී කෙමිස්ට්‍රි කොහොමටවත්ම බැහැ. ඒ කියන්නේ පාස් පේපර් පොත ගත්තත් මට ලියාගන්න නෝට් එකක්වත් නැහැ. ඒ කාලේ අපිට යූටියුබ් අණමනං තිබ්බෙත් නැහැ. අපේ ගෙදර ස්මාට් ෆෝන් එකක් තිබ්බට අපි දන්නේ නැහැ එහෙම කොහොමද ඒවා. කිසිම දෙයක් දන්නේ නැහැ ඒවා ගැන. ඊට පස්සේ ඔය අතරේ අපේ 2015 ලියපු අයට මතක ඇති 2015 ඉලෙක්ෂන් එකක් තිබ්බා. කෙමිස්ට්‍රි පේපර් එකට අපිට දවස් 10ක වගේ බ්‍රේක් එකක් හම්බුණා. ඒ කාලය තුළ මම චුට්ටක් හරි මොනවා හරි තිබ්බා නම් මට ගොඩ දාගන්න තිබ්බා. නමුත් මට එහෙම ගොඩ දාගන්න හැකියාවක් තිබ්බේ නැහැ. මම හිටියේ කවද්ද මේ දවස් දහය ඉවර වෙන්නේ? මේක ඉවරයක් කරන්න මට ඒ තරම් අමාරුයි. මට දවස්, ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එක තියෙනවා කියලත් දන්නවා. මුකුත් කරගන්න දන්නෙත් නැහැ. දවස් ඔහේ ගෙවෙනවා මගේ. අම්මයි තාත්තයිත් බලාගෙන ඉන්නවා මේ ළමයා මේ මොනවද කරන්නේ කියලා. එක්සෑම් ලියන ළමයෙක් හැසිරෙන විදියටත් නෙමෙයිනේ හැසිරෙන්නේ. බලන්න තේරෙන්නේ නැහැ. පොත ගත්තට නිකන් ඔහේ ඒක දිහා බලාගෙන ඉන්නවා විතරයි. මාර ස්ට්‍රෙස් එකක් ඒ කාලේ ඒක හිතද්දිත්. කොහොම හරි ඔය දැන් එක්සෑම් ලියන දවස් ටිකේ වීර කැඩේ සෙන්ට්‍රල් එකෙන් මම ඉස්කෝලේ ගියේ. එතකොට වීර කැඩේ සෙන්ට්‍රල් එකේ තමයි එක්සෑම් ලිව්වේ. එක්සෑම් කාලයට අම්මා නිවාඩු දාලා අම්මගේ වාහනයෙන් මාව එක්කගෙන යනවා. එක්කගෙන එනවා, එක්කගෙන එනවා. ඔහොම එක දවසක් අම්මයි මායි ගෙදර එනකොට තාත්තා ගෙදර හිටියා. මම එක්සෑම් අමාරු වුණා කියලා එහෙම එහෙම දුකින් මැරිලා වගේ ගෙදර එන්නෙත් නැහැ. හරිද? මම හොඳට හිනා වෙලා, චිල් එකේ සතුටින් ගෙදරත් එනවා. හරි කොහොම හරි එක දවසක් එද්දි තාත්තා ගෙදර හරියටම තාත්තා ඉස්සරහා හිටියේ. මම වාහනයෙන් බහිද්දි තව කවුරු හරි හිටියේ අපේ තාත්තා එක්ක. තාත්තා කිව්වා ආ එක්සෑම් ලේසියි වගේ නේද කියලා. තාත්තත් නේ අර එයා බලාපොරොත්තු තියාගෙන හිටියේ කොහොමත් මම ගැන. ඉතින් එයා හරි සතුටින් කිව්වා. එතකොට තමයි තේරුණේ දෙයියනේ මේ දෙන්නා හරියට මම ගැන හිතාගෙන ඉඳලා තියෙනවා. මොකක්ද මේ කළේ කියන එක. ඊට පස්සේදී ඔන්න දැන් එතකොට මම දන්නවා මගේ රිසල්ට් එක. මම දන්නවා මම බයෝ යන්තම් පාස් ඇති, ෆිසික්ස් යන්තම් පාස් ඇති, කෙමිස්ට්‍රි නම් කොහොමත් මම ෆේල් කියන එක. ඒක මම බලාපොරොත්තු වුණු රිසල්ට් එක. ඊට පස්සේ කොහොම හරි ඔන්න රිසල්ට්ස් එන දවස. මම උදේම රිසල්ට්ස් බැලුවා. උදේ ආවේ. ඊට පස්සේදී හරි. බලාපොරොත්තු වුණු රිසල්ට්ස් එක ඒ විදියටම ඇවිල්ලා තිබ්බා. කෙමිස්ට්‍රි ෆේල්. අම්මයි තාත්තයි රූම් එකෙන් එළියට ඇවිල්ලා ඒගොල්ලොන්ටත් කෝල් එකක් එන්න ඇති රිසල්ට්ස් ඇවිල්ලා කියලා. එළියට ඇවිල්ලා ඇහුවා මේ රිසල්ට්ස් ඇවිල්ලා රිසල්ට්ස් බලන්න කියලා. මම එතකොට බලලා හිටියේ. මම කිව්වා අම්මේ මම බලලා ඉන්නේ කියලා.
[10:57]තාත්තා කිව්වා කමක් නැහැ. ෆේල් වුණත්, පාස් වුණත් මගේ දුකයි ෆේල් වුණු එකට. හැබැයි මගේ දුව කියලා කිව්වා. හරිද? තාත්තයි අම්මයි දන්නවනේ මම මේ වෙලාවේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ කියලා. හැබැයි මට ගහන්නවත් බැන්නෙවත් කිසිම දෙයක් නැහැ. අපි ඊළඟ පාර කරමු කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ. අම්මට අරක පොඩ්ඩක් එයා අපිව බලාගත්තු විදියට, අපිව ගයිඩ් කරපු විදියට එයා හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒක දරාගන්න බැරුව අම්මා ඇඬුවා. ඒ ඇරෙන්න ඒ දෙන්නා මට ගෙදර ඉන්න එපා වෙන තත්ත්වයක් ඇති කරේ නැහැ. හරිද? එදා ඉඳන්ම ඒ දෙන්නා ආ හරි කමක් නැහැ. අපි ඊළඟ එක කරමු. ඒ කියන්නේ අපේ තාත්තා කියන්නේ මාර සැරයි අපේ තාත්තා. ඉතින් තාත්තට අපි හරි බයයි. ඒත් අපේ තාත්තා ඒ වෙලාවේවත් මට බැන්නේ නැහැ. මට තව ආදරේ දුන්නා ඒගොල්ලෝ. අපේ අම්මා ගොඩක් හෝප්ස් තියාගෙන හිටියා. අපි හොඳ තැනකට යයි කියලා. මොකද මගේ අම්මා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. එයා ඉස්කෝලේ යන කාලෙත් හොඳට වැඩ කරලා ඒ ලෙවල්ස් හොඳට කරගෙන යුනිවර්සිටි ගිහිල්ලා ෆස්ට් ට්‍රයි එකෙන්ම ඊට පස්සේ හොඳ ජොබ් එකක් කරන හොඳ පොසිෂන් වල ඉඳපු ඒ පොසිෂන් අපි නිසාම එයා ඇතෑරියා. ඒකට හේතුව තමයි අපි තුන් දෙනාට එයාට ෆෝකස් එක දෙන්න බැරි වෙන්න නිසා එයා හොඳ පොසිෂන් එක ලොකු තැනක ඉඳලා එයා එතන දාලා ආවා ආයේ අපි තුන් දෙනා වෙනුවෙන්. ඉතින් ඒ කරලා තමයි අපි තුන් දෙනාව ගොඩ දැම්මේ අම්මා. එහෙම කරපු කැප කිරීම් කරපු කෙනෙක් අපි වෙනුවෙන් අම්මා කියලා කියන්නේ. ඉතින් අම්මට ඒ වගේ දෙයක් අනිත් පැත්තට ලැබුණා කියන්නේ මගෙන් අම්මට හිතාගන්න බැරි වෙන්නේ. ඉතින් ඒකයි එයා අඬන්නේ. මොකක්ද ඒ වුණේ කියලා. තව දෙයක් තියෙනවා තාත්තා. තාත්තා ගැන කියනවා නම් එයත් එයා නිහඬව බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්. හැබැයි එයා මට කියලා තියෙනවා දෙතුන් වතාවක් මම ඔයා ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නේ පුතේ. ඔයා තමයි මගේ ලෝකයේ ඒ වගේ දේවල්, ලස්සන දේවල් මගේ තාත්තා මට ගොඩක් කියලා තියෙනවා. ඒ දේවල් මගේ හිතේ අදටත් හැමදාම තියෙනවා මගේ තාත්තා ගැන. එක කතාවක් තියෙනවා මගේ තාත්තා ළඟ බෑග් එකක් තිබ්බා. හරිද? අර ලැබ් ගෙනියන බෑග් එකක් තිබ්බේ. ඒක අම්මා මොකක් හරි වැඩකට ඒ කියන්නේ තාත්තා ඒක පරිස්සමට අල්මාරිය දාලා තියෙනවා. අම්මා මොකක් හරි වැඩකට ඒක ගන්න හදද්දි තාත්තා කියලා තියෙනවා ඕක ගන්න එපා. ඕක තියාගෙන ඉන්නේ මම කෙල්ල මෙඩිසින් ගියාම දෙන්න කියලා. ඉතින් හිතන්න අපේ තාත්තා කොච්චර මම ගැන බලාපොරොත්තු තියාගෙනද කියලා. ඒ කියන්නේ එයා තනිය තනි තනිකර හිතාගෙන ඉන්නවා මම යනවා කියලා. එයාට කිසිම ඩවුට් එකක් තිබිලා නැහැ ඒක ගැන. ඉතින් එහෙම වෙලත් මම ෆේල් වෙලා රිසල්ට් එක ගෙදරට එනවා. සෙකන්ඩ් එකත් කරා. එතකොටත් මම හරියට එක්සෑම් කළේ නැහැ. ඒ කියන්නේ මම හරිම නෙගටිව් ෆීලින් එකක ඒ වෙලාවෙත් හිටියේ. මට මේක හරියට කරගන්න බැහැ. මෙච්චරෙන් එහාට මට මහන්සි වෙන්න තේරෙන්නේත් නැහැ. එතකොට හැබැයි මම තංගල්ලේ ක්ලාසස් වලට ගියේ. මාව ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට දැම්මා අම්මා කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි මට තියරි අහුවෙලා නැති නිසා. ඊට අමතරව අනිත් දේවල් ටික ෂේප් එකේ මම කරා ඉතින්. ක්ලාසස් වලට ගිහින් එනවා. ඇවිල්ලා මහන්සි නිදියනවා. එහෙම තංගල්ලේ ක්ලාස් යන කාලේ. එතකොට තංගල්ලෙට මාරු කරා. එතකොට මම ගෙදර ඉඳන් ක්ලාසස් වලට ගියේ ඔක්කොම. අම්මයි තාත්තයි ළඟ හිටියා අර වෙලාවේ. මට වෙච්ච ලොකුම දෙයක් තමයි ඒ දෙන්නා නැති වුණු එකේ මන් ළඟ. ඒ දෙන්නා හිටියා නම් මම අර අම්මගේ ගයිඩ් එක තියෙනවනේ වැඩ කරන්න ඕනේ. එතකොට එතකොට වැඩ කරයි මොනවා හරි. දැන් ඒකත් නැතුවනේ මම නිකම්ම හිටියේ. කොහොම හරි ඒ අවුරුද්දත් මම ෂේප් එකේ වැඩ කරා. අනිත් එක තමයි අපේ ගෙදර සම්පූර්ණ පාඩම් කරන්න පුළුවන් වෙන විදියට තමයි ඒගොල්ලෝ හදලා තිබ්බේ. ඒ කියන්නේ කිසිම වෙලාවක ටීවී එක සද්දෙට දාන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්. කාටවත් කෑ ගහන්න බැහැ අපේ ගෙදර එක්කෙනෙක් පාඩම් කරනවා නම්. ඒ වගේ ඒ කියන්නේ අපි වුණත් හැදිලා තිබ්බේ මල්ලිලා වුණත් පාඩම් කරනවා නම් අපි කෑ ගහන්නේ නැහැ. අපි ටීවී සද්දෙන් දාන්නේ නැහැ. ඒ දෙන්නාමත් ටීවී එක සද්දෙන් දාගන්නේ නැහැ. ඒ විදියට හරි හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හදලා තිබ්බා. අපිට ගෙදර ඉගෙන ගන්න දේවල් වලට රූම්ස් පවා අපි කිව්වොත් අපිට මේකෙන් මේකට යන්න ඕනේ කියලා ටක් ගාලා මාරු කරලා දෙනවා රූම් එක. එහෙම හරියට ඒ දෙන්නා ඒ දේවල් කරා. කරලා දුන්නා අපිට ඕන දේ අක්කො. මට මේක බැහැ. මට මේකට ඉන්ඩිවිජුවල් කරන්න ඕනේ කිව්වොත් එහෙම කරනවා ටක් ගාලා. ඉන්ඩිවිජුවල් කරමු කියලා. ඒ විදියට. ඉතින් එහෙම කරලත් මම කරගත්තේ නැහැ කියන්නේ සම්පූර්ණ මගේ නොහැකියාව. වෙන කිසිම දෙයක් මගේ අම්මගේ තාත්තගේ වැරැද්දක්වත්, මගේ ගුරුවරුන්ගේ වැරැද්දක්වත්, මගේ යාළුවන්ගේ වැරැද්දක්වත් කිසිම දෙයක් නෙමෙයි. මගේ නොහැකියාව තමයි. මම සෙකන්ඩ් එක කරාට පස්සේ මට සී දෙකයි එස් එකක් ආවේ. ඒ එස් එක ආවෙත් කෙමිස්ට්‍රි වලටමයි. ඊට පස්සේදී මම හිතුවා හරි. මට දැන් එන්.ටී.එස්. ඇප්ලයි කරන්න පුළුවන්. මම එන්.ටී.එස්. ඇප්ලයි කරනවා කියලා. මම එන්.ටී.එස්. ඇප්ලයි කරා. ඒ දෙන්නා ඒත් ඇතෑරිය නැහැ. ඒ දෙන්නා මම තර්ඩ් එකටත් ක්ලාස් යැව්වා. එක දෙයක් තිබ්බා මගේ ජීවිතේ වෙනස් වුණු. අන්න ඒ කතාව තමයි මම දැන් කියන්න යන්නේ. එක දවසක් මම තර්ඩ් ට්‍රයි කරන්න දැන් ක්ලාසස් ගියාට මට උනන්දුවක් නැහැ. ඒක කරන්න. මට ඒක කරන්න ඕනේ නැහැ. මට එන්.ටී.එස්. යන්න පුළුවන්නේ දැන්. ඒ කියන්නේ නර්සින් යන්න පුළුවන්නේ. ඉතින් මම හිතුවා හරි. මම දැන් නර්සින් යනවා. ඊට කලින් මම මොනවා හරි ජොබ් එකක් කරනවා. ඉන්ටර්වීවත් ඇවිල්ලා නැහැ ඒ වෙද්දි නර්සින් වලට. මම හිතුවා හරි මම එතකන් මොනවා හරි ජොබ් එකක් කරනවා කියලා හිතලා පත්තරේ අරගෙන පත්තරෙන් බලලා ජොබ් එකක් හොයාගත්තා. ඒ ලෙවල් පාස් වෙලා තියෙන ටික විතරයි ඕනේ එකට යන්න. ඒකත් රවුන් කරගෙන මම අම්මා ගෙදර හිටියේ නැහැ. මම අම්මා එනකන් හිටියා. මම ගෙදර ආවා. ආවට පස්සේ මම අම්මට පෙන්නුවා මම අම්මේ නර්සින් යනකන් මේක කරනවා නම් කියලා. ඊට කලින් මට අම්මා තාත්තා ඩ්‍රයිවින් ලයිසන් එහෙම ඔක්කොම අරගෙන දුන්නා. ඉතින් මම දැන් ඒ කියන්නේ එක්සෑම්, ඒ ලෙවල් පැත්තෙන් ඈත් වෙලා. මට හිතුනා දැන් හරි. මම දැන් එතනින් එහාට මම ජොබ් එකකට තමයි යන්න ඕනේ.



