Thumbnail for ඛන්‍ධ සූත්‍රය | Kothmale Kumarakassapa Thero | 2025 07 11 | Sathi TV | Bana | DHARMA DESHANA by Sathi TV

ඛන්‍ධ සූත්‍රය | Kothmale Kumarakassapa Thero | 2025 07 11 | Sathi TV | Bana | DHARMA DESHANA

Sathi TV

34m 17s3,235 words~17 min read
Auto-Generated

[0:40]නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ශ්‍රද්ධාසම්පන්න, කාරුණික පින්වතුනි, හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැමදෙනාම මේ මොහොතේ සූදානමින් පසුවන්නේ. මීට වසරකට පෙර මියපරලොව යන්නට යෙදුනු කරුණාවතී රාජගුරු මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය ගෙන කටයුතු කරන ඒ මංගලිකා මහත්මිය ඇතුළු ලලනි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බුද්ධ ශාසනයක් අපිට ඇසුරට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ බුද්ධ ශාසනයක් ඇසුරු කරන්නට ලැබුන කාලවකවානුවක අපි හැමදෙනාටම ඉතාම මහේශාක්‍ය වන කුසලයන් සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මහේශාක්‍ය කුසලයන් අතර ලෝකෝත්තර මාර්ගඥානය අපිට උපදවන්නට පුළුවන් නම්, ඒක තමයි අපිට ඉතාම වැදගත් වන, අවශ්‍යම වන දේ බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුද්ධ ශාසනයක විතරයි මේ ලෝකෝත්තර දර්ශනය පිළිබඳව ශ්‍රාවකයෙකුට අවබෝධ කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි, අපි මේ උතුම් බුද්ධ ශාසනය තුළ අපේ පිහිට පිළිසරණ ධර්මයම බවට පත්කරගෙන කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. අවුරුදු 50ක්, 60ක් නිශ්චිතව කියන්නට බැරි අනියත ස්වභාවයක් උරුම කරගත් අපිට ධර්මය හා සමාන වන අප්‍රමාදී වේ යුතු තවත් එක දෙයක්වත් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි එක ධර්මයක් පිළිබඳව සංඛ්‍යාත්මකව කතා කරනකොට අපමාදෝ කුසලේසු ධම්මේසු කියලා කුසල ධර්මයන්හි අප්‍රමාදයයි දක්වන්නේ. යම්කිසි ධර්මයක් පිළිබඳව අප්‍රමාදී භව උපදවා ගැනීම හේතු කරගෙන සත්වයාට සියලු දුක කෙළවර කරන්නට පුළුවන් නම් ඒකම තමයි ශාන්ත, ඒකම තමයි සැනසීම, ඒකම තමයි නිවීම උරුම කරන දේ බවට පත්වන්නේ. පින්වතුනි, ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයෙහි පවත්නා යථාර්ථ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත යුතු ආකාරය පිළිබඳව. ඉතින් ඒ ලෝකයෙහි පවත්නා යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න අවශ්‍ය වන ක්‍රමවේදයන් නොයෙක් ආකාරයන්ගෙන්, නොයෙක් පරියායන්ගෙන් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරනවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන, පටිච්ච සමුප්පාද ආදී වශයෙන් නොයෙක් නොයෙක් ආකාරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේලා ලෝකයට ඒ අවබෝධ කරගත යුතු දර්ශනය පිළිබඳව විෂද කිරීම අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේලා පෙන්වා දෙන්නේ මේ හේතුඵල දර්ශනයක්. ඒත් හේතුඵල දර්ශනය සංගෘහිත කරලා, සංක්ෂිප්ත කරලා අපි ගත්තාම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තුළත ඒ හේතුඵල ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය වන ඥානනය කරගන්නට අවශ්‍ය වන පැතිකඩවල් විස්තාරිතව විවරණය කරලා දක්වන බව අපට හඳුනාගන්නට පුළුවන්. හැබැයි ඒ දීර්ඝ විස්තරයක් හැටියට නොවුනත් සංක්ෂිප්ත හේතුඵල ධර්ම දේශනය තමයි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනය ලෙස සැලකෙන්නේ. මේ පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා බොහොම අපූරු සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායෙහි එන මහා වර්ගයෙහි එන කන්ධ සූත්‍රය. මේ කන්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තාරිමානි භික්ඛවේ අරිය සච්චානි කතමානි චත්තාරි, මහණෙනි මේ ආර්ය සත්‍යයන් හතරක් තියෙනවා. මොනවද මේ හතර? දුක්ඛං අරියසච්චං, දුක්ඛ සමුදයෝ අරියසච්චං, දුක්ඛ නිරෝධෝ අරියසච්චං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරියසච්චං. දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි කියලා මේ ආර්ය සත්‍යය හතරක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මොනවද මේ ආර්ය සත්‍යය කියලා කියන්නේ? කතමන්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං, මහණෙනි මේ දුක්ඛ ආර්ය සත්‍යය කියලා කියන්නේ කුමක්ද? පංචඋපාදානක්ඛන්ධා තිස්ස වචනීයං. ඒ දුක්ඛ ආර්ය සත්‍යය කියලා කියන්නේ මොකක්ද කියලා අහනකොට මේ පංචඋපාදානස්කන්ධයට කියලා කිව යුතුයි. කතමේ පංච, මොකක්ද ඒ පංච, ඒ ස්කන්ධ පහ නැතිනම් පංචඋපාදානස්කන්ධය වෙන්නේ, සෙය්‍යතීදං, රූප උපාදානක්ඛන්ධෝ, වේදනාඋපාදානක්ඛන්ධෝ, සඤ්ඤඋපාදානක්ඛන්ධෝ, සංඛාරඋපාදානක්ඛන්ධෝ, විඤ්ඤාණඋපාදානක්ඛන්ධෝ, ඉදං උච්චති දුක්ඛං අරියසච්චං. වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධයයි කියන මෙන්න මේ පහට කියනවා පින්වතුනි, උපාදානස්කන්ධය කියලා. එතකොට මේ උපාදානස්කන්ධ පිළිබඳව අපි විමසා බලනකොට අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ ආර්ය සත්‍යය ලෙස විවරණය කරලා විභජනය කරලා දක්වන්නේ මේ පංචඋපාදානස්කන්ධ ධර්මය. මේ මොකක්ද මේ හේතුව මේ පංචඋපාදානස්කන්ධ ධර්මය දුක්ඛ ආර්ය සත්‍යය ලෙස විවරණය කරන්නට. පින්වතුනි, අපි දුක කියලා කියපු සැණින් බොහෝ සෙයින්ම අපි අදහස් කරගන්න දේ තමයි කායිකව හෝ මානසිකව හෝ අපට අත්විඳින්නට වනු ලබන දේවල් පිළිබඳව. ලෙඩවීම, මරණය, මහලු බව, තව අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, මේ කැමති දේ නොලැබීම, වෙනස්වීම කියන මේ ආදී දේවල්. අපේ කැමැත්ත යම්කිසි දෙයක් අනුව පවතින්නේ නැත්නම්, අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්නම් එවන්දු දේවල් මොකක්ද දුක. ඒ දුක්ඛය විවරණය කරන එක ආකාරයක්. ඒ සියල්ල මොකක්ද? කායික හෝ හුදු මානසික දුක තමයි ඒ හැම තැනකදීම පවතින්නේ. නමුත් නියමාකාරයෙන් දුක්ඛ ආර්ය සත්‍යය කියන විභජනයට යටත්වන ඇතුළත් වන විග්‍රහය හැටියට අපට දකින්නට පුළුවන් ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍ර දේශනාවලදීත් දකින්නට ලැබෙන සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා කියන මේ විවරණය. සහ මේ සූත්‍රයෙත් මේ මොකක්ද දුක්ඛ ආර්ය සත්‍යය කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසලා කතමන්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං මහණෙනි මේ මොකක්ද දුක්ඛ ආර්ය සත්‍යය කියලා කියන්නේ කියන එක විමසලා පංචඋපාදානක්ඛන්ධා තිස්ස වචනීයං, පංචඋපාදානස්කන්ධයයි කියලා එයට කිව යුතුයි කියලා දේශනා කරනවා. එතකොට දුක ප්‍රධාන වශයෙන්ම සංග්‍රහ කරන්නේ කොතෙන්ටද? පංචඋපාදානස්කන්ධය දුකයි කියන තැනට. ඇයි පංචඋපාදානස්කන්ධය දුකයි කියලා මේ විශේෂයෙන්ම දක්වන්නේ? අර අපි දුක්ඛ වේදනාවකට පමණක් ලඝු විය යුතු නැති නිසා. අපිට කායික හෝ මානසික වශයෙන් උපදනා දුක්ඛ වේදනාවකට නෙමෙයි අපි ලඝු විය යුතු අපි ඇතුළත් වෙය මනස සීමා කරගත යුතු දේ බවට පත්වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේදය පිළිබඳව හඳුනාගන්නකොට අපට ලැබෙන්නේ පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු මේ උපාදානස්කන්ධ පංචකය තමයි දුක කියලා අපිට දකින්නට ලැබෙන්නේ. එතකොට පංචඋපාදානස්කන්ධය දුක්ඛය කියලා කියන්නේ ඇයි? මේ දේ තමයි අර කායික සහ මානසික ආදී කතා කරන සෑම දුකකටම ප්‍රත්‍යවන්නේත් මේකම තමයි. පංචඋපාදානස්කන්ධයම තමයි කායිකව හෝ වේවා, මානසිකව හෝ වේවා ඇතිවන සියලු ආකාරයෙහි වේදනාවන්ටත් ප්‍රත්‍යවන උපකාර වන දේ බවට පත්වන්නේ. හැබැයි අපිට ඒක වේදනාත්මකව දැනෙන දෙයක් නෙමෙයි. ඔබ ජීවිතයේ වඩාත්ම සතුටින් ඉන්න වෙලාවක ඔබට වේදනාවක් දැනෙනවද? ඔබට වේදනාවක් දැනෙන්නේ නැහැ. පින්වතුනි, ඒ වෙලාවේදී පංචඋපාදානස්කන්ධයක් නැද්ද? ඔබ සතුට අත්විඳිනවා කියන තැනකදී පංචඋපාදානස්කන්ධයක් නැද්ද? පංචඋපාදානස්කන්ධයක් තියෙනවා. පංචඋපාදානස්කන්ධයක් තියෙනවා කියලා කිව්වේ පංචඋපාදානස්කන්ධය මත තමයි නැතිනම් ඒ පංචඋපාදානස්කන්ධය තමයි ඔබට සතුට විදිහට වැටහීම ඇතිකරලා තියෙන දේ බවට පත්වෙන්නේ. එහෙනම් ඒ පංචඋපාදානස්කන්ධයක් තමයි ඒ මොහොතෙදිත් ඒ උපද පැවතුන අවස්ථාව. එහෙනම් ඒ පංචඋපාදානස්කන්ධය ඇයි දුකයි කියලා කියන්නේ? පින්වතුනි, ඒක තමයි මේ පංචඋපාදානස්කන්ධයෙහි තියෙන අපි අවබෝධ කරගන්නට ඕනේ දුක්ඛාර්ථය. ඒක ආර්ය සත්‍යයක් හැටියට අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ ඒ සෑම අවස්ථාවකදීම පංචඋපාදානස්කන්ධය නම් දුකම තමයි. ඒක දුකම පවත්වනවා. එහෙනම් ඒක අර වේදනාවකින් දකින්නට එපා. ඒක දකින්න සංඛත භාවය උරුම කරගත්තු දෙයක් හැටියට. ඔබට සැපවත් බව ඇති කරපු ඒ තැනක තිබුන හටගත්ත ඒ ස්කන්ධ පංචකයට පැවැත්මක් වෙන්නේ නැහැ. ඇයි ඒක ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. ඒ ස්කන්ධ පංචකය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වෙනවා. ඊටපස්සේ නැවත අලුතෙන් ස්කන්ධ ටිකක් උපදිනවා. ඒ ටික ප්‍රත්‍ය නිසා හටගත්ත දෙයක්. ඒකත් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වෙනවා. හැබැයි ඔබ එක දෙයක් අරමුණු කරමින් නම් මේක විඳින්නේ. ඒ කියන්නේ එක දෙයක් අරමුණු කරමින් නම් කියලා කිව්වේ. දැන් ඔබ දරුවා ගැන සතුටු වෙනවා. ඔබේ අම්මා ගැන ඔබ සතුටු වෙනවා. මේ වගේ තැනක නම් ඔබ විඳින්නේ ස්කන්ධ පංචකය කියන එක ඔබට පේන්නේ නැතුව දරුවා, කලින් හිටපු දරුවා තමයි තාම ඉන්නේ. කලින් හිටපු අම්මා තමයි තාම ඉන්නේ කියලා. ඊළඟ මොහොතේ අලුතෙන්ම උපදින ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නේ නැති නිසා ඔබ හිතනවා කලින් හිටපු අම්මා තමයි තාම ඉන්නේ. දරුවා තමයි තාම ඉන්නේ කියලා. දැන් ඔබ ආදරය කරන්නේ ඔබ කැමති වෙන්නේ මොකටද? අර එක මොහොතකවත් හටගත්ත ස්කන්ධ ටිකකට නෙමෙයි.

[12:41]ඔබ ආදරය කරන්නේ, ඔබ කැමති වෙන්නේ, ඔබ සැපය සැපය හැටියට විඳින්නේ අම්මා ගැන හිතලා, දරුවා ගැන හිතලා.

[12:58]හැබැයි යථාර්ථ වශයෙන් වුනේ සෑම මොහොතකදීම උපාදානස්කන්ධ ටිකක් හටගන්න එක, ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක. යම් මොහොතක හටගන්න උපාදානස්කන්ධ පංචකයක් පිළිබඳව ඔබට මෙතෙක්කල් පවත්වාගෙන ආපු දරුවා කියන එක පවත්වාගන්න බැහැනේ. අම්මා කියන එක පවත්වාගන්න බැහැ නම්, ඔබට හිතෙනවා නම් එයා දැන් නැහැ කියන එක, දැන් මොකක්ද දැනෙන්නේ? ඔබට දුක, වේදනාව, අහිමිවීම ඔබට උරුම කරගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් ඒ දුක සහ වේදනාවට උරුමකම් කියන තැනකට ඔබව පත්කරන්නට මුල් වුනේ මේ අනවරත ස්කන්ධයන්ගේ මෙලෙස සිදුවුන හටගෙන නිරුද්ධ වන මේ ස්වභාවය. හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙලා යන මෙවන්දු වූ උපාදානස්කන්ධ පංචකයක් මත පින්වතුනි ඔබ දරුවා කියන එක විඳිනවා නම්, ඔබ භය සහිත වූ දෙයක් විඳිනවා. ඔබ අම්මා කියන එක විඳිනවා නම්, ඔබ භය සහිත වූ දෙයක් විඳිනවා. ඒක ඕනෑම මොහොතක හටගන්න දේ නිරුද්ධ වෙන තැනක ඔබට මේ කලින් තිබුන එක නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්කම තියෙනවා. ඒක කොයි මොහොතක ගෙනෙයිද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යෙන් කොයිම මොහොතක හෝ ගෙන එනවාම තමයි. ඒ කියන්නේ පින්වතුනි, ඔබ ලෝකය පරිහරණය කරනවා කියලා කියන්නේ මොකක්ද? ඔබ දුක පරිහරණය කරනවා කියන එක. ලෝකය පරිහරණය කරනවා කියලා කියන්නේ ඔබ භය පරිහරණය කරනවා කියන එක. ඇයි ඒ දුක භය පරිහරණය කරනවා කියලා කියන්නේ? යම් මොහොතක ඔබ ඇලෙන දේ, යම් මොහොතක ඔබ බැඳෙන දේ ඔබට දුක උපදවන්නට සමර්ථ වන තැනක්. ඒක ඔබට කවදාවත් සැනසීම ගෙනල්ලා දෙන දෙයක් නෙමෙයි. පවතින යථාර්ථය පැත්තෙන්ම සෑම මොහොතකදීම හටගන්න ධර්මයෝ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එහෙම තැනක පවතින අම්මා විඳිනවා කියලා කියන්නේ, එක දිගට ජීවත්වෙන මම සහ ලෝකය කියන එක ඔබ විඳිනවා කියලා කියන්නේ, පින්වතුනි, ඔබ දුක විඳිනවා කියන එක, දුකට හිමිකාරයෙක් වෙලා ඉන්නවා කියන එක. යම් මොහොතක ඔබට දුක නැතුව ඉන්න පුළුවන්, වේදනාත්මක දුකක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි දුක ගේන්න පුළුවන් පංචඋපාදානස්කන්ධය තමයි ඔබ හැම මොහොතකම ඇසුරු කරන්නේ. අන්න ඒ නිසා පංචඋපාදානස්කන්ධයෙහි තියෙන ස්වභාවය තමයි හැම මොහොතකදීම හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියන එක. මෙන්න මේ පංචඋපාදානස්කන්ධයෙහි හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියන මේ නුවණ ඔබට ඇතිකරගන්නට පුළුවන් නම්, ඒකම තමයි පංචඋපාදානස්කන්ධයෙන් මිදීම සඳහා ඔබට උදව් වන දේ බවට පත්වෙන්නේ. ඇයි පංචඋපාදානස්කන්ධයෙන් මිදෙනවා කියලා කියන්නේ? පින්වතුනි, පංචඋපාදානස්කන්ධයම නැවත උරුම කරගන්න පුළුවන් හේතු ටික අපි හදනවා. ඒ නිසා පංචඋපාදානස්කන්ධය කියන එකට ඔබ තණ්හා කරනවා කියන එක මතුපිටින් නොපෙනුනාට ඔබ අම්මට ආදරෙයි කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධයකට අම්මා විදිහට අරගෙන තමයි ඔබ ඒ තණ්හාව පවත්වාලා තියෙන්නේ. ඔබ ඇත්තටම තණ්හා කරන්නේ මොකටද? අම්මට ආදරෙයි කිව්වට, අම්මා කියලා ඔබ ඇසුරු කරගන්න ඒ සංස්කාරය. නැතිනම් ඒ නිමිත්ත ඔබට උපදවන්නට පුළුවන් පංචඋපාදානස්කන්ධයට තමයි ඔබ ඔබ ඇලුම් කරලා තියෙන්නේ. පින්වතුනි, ලස්සනට රූප ඇඳපු එක එක ආකාරයෙහි පාටවලින් වර්ණවත් කරපු එක කලයක් තියෙනවා. මේ කලය හරි ලස්සන නිසා ඔබ ගෙදර අරගෙන යනවා. හැබැයි මේ කලය වුනාට තියෙන්නේ හිතන්නකෝ අසුචි පුරවලා කියලා. එතකොට දැන් ඔබ කලයට තණ්හාවෙන් කලය අරන් යනකොට ඔබ අසුචි ටික ගෙදර අරන් ගියා වෙන්නේ නැත්ද? ඔබ අසුචි ටිකත් ගෙදර අරගෙන ගියා වෙනවනේ නේ? ඔබට කියන්න බැහැ ඔබ කලය විතරක් අරන් යන කෙනෙක් කියලා. අර ලස්සන විතරක් අරන් යන කෙනෙක් කියන්න බැහැ. ඔබ අසුචියත් ගෙදර අරන් යන කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. පින්වතුනි, ඒ වගේ ඔබ කියන්නේ මම දරුවට ආදරෙයි කියලා තමයි. මම අම්මට ආදරෙයි කියලා තමයි. එහෙම නැතිනම් මම මේ ලෝකේ මේ දේට තමයි වඩාත්ම කැමති කියලා තමයි ඔබට දැනෙන්නේ, ඔබට හැඟෙන්නේ. හැබැයි ඔබ ඒ විදිහට හදාගත්ත ප්‍රඥාප්තියෙන් ඇසුරු කරගත්ත පනව ගත්ත දේවල් වලට ඔබ කැමති වුනාට, ඔබ ඇත්තටම කැමති වෙලා තියෙන්නේ මොකටද? ගෙදර අරන් ගියාට කලය අසුචි ටිකත් ඒ හා සමඟ ඇවිල්ලා තියෙනවා වගේ පින්වතුනි, ඔබ ඒක තුළ තණ්හාව පවත්වාගෙන තියෙන්නේ උපාදානස්කන්ධ පංචකයට. උපාදානස්කන්ධ පංචකයට තණ්හා කරන ඔබට නැවත එබන්දු වූ උපාදානස්කන්ධ ටිකක් උපදවන්න පුළුවන් කමක් තියෙනවා. නැවත ඉපදු උපාදානස්කන්ධ සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි තණ්හාව තමයි මේ ගේ හදන වඩුවා. මේ තණ්හාවෙන් නැවත නැවත උපාදානස්කන්ධයෝ සකස් කිරීම සිද්ධ කරනවා. එහෙනම් මේ තණ්හාව නැමති ගේ හදන වඩුවා හදන ගේ හැටියට ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන දේ තමයි මේ පංචඋපාදානස්කන්ධයක අනවරත පැවැත්ම සකස් කිරීම කියන එක. එහෙනම් අද දවසේදී අපි මොකක්ද කරන්නේ? ඒ සඳහා ගේ හදන්න පුළුවන් හේතු ගොඩාක් අපි ඇතිකරනවා. ගෙවල් ගොඩක් හදන්න පුළුවන් මට්ටමේ හේතු, බීජ ඔක්කොම අපි වඩුවට අදාල තැන් ටික ඔක්කොම හදලා දීලා තියෙන්නේ. මොනවද? පංචඋපාදානස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පෙන්නන්නේ නැතුව පංචඋපාදානස්කන්ධය පිළිබඳව කර්ම නිමිති වශයෙන් රැස්කරගන්න දේවල් ගොඩක් අපි එකතු කරගන්නවා. ඒ විදිහට තමයි අම්මා, ගෙවල් දොරවල්, දරුවෝ, සල්ලි, මිල මුදල්, ඇලෙන්න බැඳෙන්න නිශ්‍රිත තැන්, ගැටෙන්න නිශ්‍රිත තැන් මේ ඔක්කොම අපිට හම්බවෙන්නේ මොනවා තුළද? පංචඋපාදානස්කන්ධයෙහි පවත්නා යථා ස්වභාවය පිළිබඳව අවබෝධ නොකරගන්න නිසා. ඉතින් අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නට කියලා. එතකොට දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව අවබෝධ කරගන්න ඔබ කුමක් පිළිබඳවද අවබෝධ කරගත යුත්තේ? මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව තමයි අවබෝධ කරගන්නට ඕනේ. පරිඥ්ඤය වෙන්නේ මොකක්ද? පිරිසිඳ දකින්නට ඕනේ නුවණින් විමසා කරුණු විමසා බලා තේරුම් ගන්නට ඕනේ වෙන්නේ මොකක්ද? මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව. මොකද මේ පංචඋපාදානස්කන්ධය තමයි දුක. පංචඋපාදානස්කන්ධය ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ මත පිහිටා සිටිනවා කියලා කියන්නේ ඔබ දුක මත පිහිටා සිටින පුද්ගලයෙක් බවට පත්වෙනවා කියන එක. පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ සාසෝ උපාදානීය වුන ස්කන්ධ ටික. ඒ කියන්නේ ආශ්‍රව විසින් ඇසුරු කරන්නට පුළුවන්, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්, උපාදානයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් ස්කන්ධ ටිකට තමයි කියන්නේ පංචඋපාදානස්කන්ධය කියලා. ආශ්‍රවයන්ගෙන්, උපාදානයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙන ස්කන්ධ ටික කියනකොට අපිට දැන් රූපයක් පේනවා, සද්දයක් ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, අරමුණු දැනගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සෑම අවස්ථාවකදීම පින්වතුනි, ස්කන්ධ ටිකක හටගැනීම සිද්ධ වෙන්නේ. මේ හැම වෙලාවකදීම වෙන දේ තමයි ස්කන්ධ ධර්ම ටිකක් උපදිනවා කියන එක. මේ හැම මොහොතකදීම ස්කන්ධ ධර්ම ටිකක් උපදිනකොට, ස්කන්ධ ධර්ම ටිකක් හටගන්නකොට, ඒ හැම තැනකදීමත් ඒ කෙලෙස් හෝ ආශ්‍රව ඇත්තේ නැහැ. ඒ තැනක අනුසයාදීයවත් පැවැත්මක් ඇත්තේ නැහැ. එහෙනම් කොයි වෙලාවකදිද කෙලෙස් ආශ්‍ර උපදින්නේ? ඊට පස්සේ උපදින්නේ. ආශ්‍රව උපාදාන උපදින්නේ ඊට පස්සේ. ඒ නිසා රූපයක් දකිනවා කියන මොහොතකදී දකින තැනක ඔබට කෙලෙස් උපදින්නේ නැහැ. ඔබට උපදින්නේ කෙලේසය කියන දේ මනෝවිඥ්ඥාණය මගින් නැවත ඒක අරමුණු කරගෙන ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් ඇසුරු කරන අවස්ථාවකදී. එතකොට ඒ ඔබේ හිතේ ඇතිකරගත්තු පුරුදු, කාමාදී පුරුදු විදිහට ඔබ ඇතිකරගත්තු ආශ්‍රව ටිකෙන් දැඩිව අල්ලාගත්තු ටිකෙන් මේ අම්මම තමයි, මේ දරුවාම තමයි කියලා අර පෙනෙන බව ඇතිකරපු අනාත්ම ස්කන්ධ ටික දරුවා හැටියට, අම්මා හැටියට, ගෙදර හැටියට, වටින දෙයක් හැටියට, නොවටින දෙයක් හැටියට ඔබ අල්ලගන්නවා නම්, අන්න ඒ අල්ලාගැනීමට යටත්වන සියලු ස්කන්ධ ටිකට උපාදානස්කන්ධයක් කියලා කියනවා. එහෙනම් ඔබ එකක් තේරුම් ගන්නට ඕනේ උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානය හරි, ආශ්‍රව හරි තියෙන නිසාම නෙමෙයි. එතන තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආශ්‍රව හෝ උපාදාන නැති වුනත් ආශ්‍රව උපාදාන සහිත වුන කෙනෙක් එය ආශ්‍රව උපාදානයන්ගෙන් අරමුණු කරගන්නා නිසා ඒ සියල්ලම පොදුවේ පංචඋපාදානස්කන්ධයයි කියලා කියනවා. ඒ හින්දා පිරිසිදුම වූන රූපය දකින මොහොතෙදී තියෙන ප්‍රකෘති හිත වුනත්, පිරිසිදු හිතක් වුනත්, පිරිසිදු අවස්ථාවක් වුනත්, පින්වතුනි එතන පවතින්නේද පංචඋපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. එතකොට ඔබට මේ පංචඋපාදානස්කන්ධය තේරුම් ගන්නට පහසු වන නිසයි මම ඒකේ ඒ ප්‍රභේදය නැතිනම් ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නට ඕනේ කියන එක ගැන ඔබට මේ පැහැදිලි කිරීම කළේ. ඒක ඔබට කන්ධ සූත්‍රය තුළදී මේකත් කන්ධ සූත්‍රය තවත් කන්ධ සූත්‍රයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ සහ පංචඋපාදානස්කන්ධය පිළිබඳව වෙන්කරලා දේශනා කරපු ඒ විග්‍රහයට අනුව අපිට ඒ කරුණු ටික ස්මතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් අපිට දකින්නට ඕනේ මේ පංචඋපාදානස්කන්ධය දුකයි කියන්නට හේතුව මොකක්ද? මේක උපදිනවා, නිරුද්ධ වෙනවා. නැවත උපදිනවා, නැවත නිරුද්ධ වෙනවා. මේ පළවෙනි පාරේ උපදින දේ එහෙම නෙමෙයි දෙවෙනි පාර උපදින්නේ. එක පාරක් හටගත්ත ස්කන්ධ ටික නැවත කවදාවත් ආයේ උපදින්නේ නැහැ. අලුතෙන්ම සෑම මොහොතකදීම සකස් වෙන ස්කන්ධ ටිකක් තමයි හැම මොහොතකදීම උපදින්නේ. ඒක ඉතුරු නැතුවම නිරෝධයට පත්වීම තමයි සිද්ධ වෙන්නේ. අන්න එහෙම ස්කන්ධ ටිකක් උපදින තැනක අපිට ඇතිවෙන දේවල් ටිකක් තමයි දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා කියන්නේ. ඒ ස්කන්ධ ටිකක එකිනෙකට ප්‍රත්‍ය වීම කියන ක්‍රියාවලියෙහි අපිට වැටහෙන විදිහක් තමයි රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, මනසින් හිතලා දැනගැනීමක් ඇතිවෙනවා කියලා මේ කියන මෙවන්දු වූ දේවල් ටිකක් අපිට වැටහෙනවා. පවතින යථාර්ථය නම් ස්කන්ධ ටිකක්, ස්කන්ධ ටිකක් පවතින තැනක මේ විදිහේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන මේ දේවල් වල පැවැත්මක් තමයි තියෙන්නේ. එතකොට එකිනෙකට වෙනස් වෙනවා. ඒක හරියට පින්වතුනි, මේ ගඩොල් වැලි සිමෙන්ති, ලී දඬු ඒ වගේම සෙවිලි තහඩු ආදී දේවල් ටිකක් ඔබ උදව් කරගෙන එක ආකාරයකට ගොඩනැගුවාම එක ආකාරයක ගෙයක් පේනවා. තව ආකාරයකට ගොඩනැගුවාම තවත් ආකාරයක ගොඩක් ගෙයක් පේනවා. එතකොට හැම ගෙයක්ම එක වගේ නෙමෙයිනේ නේ? අමුද්‍රව්‍ය ඔක්කොම එක වගේ එක සමාන දේවල් වුනාට, එක සමාන අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරගෙන හදන ඔක්කොම ගෙවල් එක වගේ ඇත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි හැම මොහොතකදීම පංචඋපාදානස්කන්ධයක් තමයි උපදින්නේ. ඒ ධර්ම ටික සංග්‍රහ කළොත් පංචඋපාදානස්කන්ධය කියලා තමයි සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ පංචඋපාදානස්කන්ධය කියන එක මත හැමදේම එකක් වෙලා නැහැ. හරියට අර එකම අමුද්‍රව්‍ය ටිකක් යොදාගෙන එක එක හැඩේට වෙනස් වෙනස් දේවල් ගොඩනැගුවා වගේ.

[26:24]මේ පංචඋපාදානස්කන්ධයම තමයි පේන බව උප්පදවලා තියෙන්නේ. පංචඋපාදානස්කන්ධයම තමයි ඇහෙන බව උප්පදවලා තියෙන්නේ. පංචඋපාදානස්කන්ධයම තමයි විඳින බව උප්පදවලා තියෙන්නේ. පංචඋපාදානස්කන්ධයම තමයි දැනගන්න බව කියන එකත් හදලා තියෙන්නේ. දැන් පින්වතුනි, ඔබ ආශ්‍රව උපාදාන සහිතව මනසක් උපදවනවා කියන තැන තියෙන්නෙත් මොකක්ද? පංචඋපාදානස්කන්ධයක්ම තමයි. එක එක හැඩයෙන් මොන විදිහට සකස් වුනත් අමුද්‍රව්‍ය ටික එකක්නේ? අමුද්‍රව්‍ය ටික තමයි පින්වතුනි පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඔන්න රූපය පේනවා, පේන බව ඇතිකරපු ටිකට කියනවා පංචඋපාදානස්කන්ධය කියලා. ඒ පේන බව ඇතිකරපු ස්කන්ධ ටික ඉතුරු නැතුවම නැතිවෙලා යනවා. දැන් එක ශේෂයක්වත් ඉතුරුවන්නේ නැහැ. දැන් තමන්ගෙම මනසින් ඒ දැකපු බව අරමුණු කරලා ඒ රූපයට සීමා වෙනවා හිතලා ඒ රූපය ගැන තමන් හිතේ ඇතිකරගත්ත මීට පෙර කැමැත්තෙන් ඇසුරු කරගත්ත නිමිත්තක් තිබුන නම් අම්මා කියලා ඔබ දැනුමක් හදාගන්නවා. දැන් ඒ වෙලාවේ තියෙන්නේ මොකක්ද? අම්මව විඳිනවා ඒක වේදනාවක්. අම්මව හඳුනනවා, අම්මා ගැන හිතනවා, අම්මා ගැන දැනගන්නවා. ඒක රූප නිමිත්තක් පිළිබඳව ඔබ පතිත කරගෙන තියෙනවා. දැන් ඒ වෙලාවේ තියෙන්නෙත් මොකක්ද? අම්මා කියලා විඳින මොහොත වෙනකොට ඔබට තියෙන්නේ පංචඋපාදානස්කන්ධයක්. ඊළඟ මොහොතෙදිම ඔබට ඇතිවෙනවා මම කියන හැඟීමක්. එතකොට මම කියන හැඟීම ඇතිවෙනවා. එතකොට ඒකත් මොකක්ද? පංචඋපාදානස්කන්ධයක්. පෙනෙන බව ඇතිකරපු ස්කන්ධ ටිකම නිරුද්ධ වුන තැනක තමයි ඒ අම්මා කියලා හිතලා වෙනම ස්කන්ධ ටිකක් ඔබ හදාගත්තේ. පෙනෙන බව ඇතිකරපු ස්කන්ධ ටික නිරුද්ධ වුන තැනකම තමයි ඔබ ඒ අම්මව දැකපු මම ඉන්නවා කියලා ඔබ ඇසුරු කරගැනීමක් හදාගත්තේ. මොකක්ද මේ වෙලා තියෙන්නේ? එකම ස්කන්ධ පංචකයක් පෙනෙන බව ඇතිකරපු දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියපු ස්කන්ධ ටිකක් පිළිබඳව අම්මා ඉන්නවා, මම ඉන්නවා කියලා ලෝකය සහ තමන් කියන මේ දෙපැත්තම ගොඩනගාගෙන තියෙනවා. පවතින යථාර්ථය ස්කන්ධ පහක් ඉපදිලා නිරුද්ධ වෙන එක. අම්මා කියලා දැනගත්ත තැන වුනෙත් ස්කන්ධ පහක් ඉපදිලා නිරුද්ධ වෙන එක. මම ඉන්නවා කියලා ඇසුරු කරගත්ත තැන වුනෙත් ස්කන්ධ පහක් ඉපදිලා නිරුද්ධ වෙන එක. එතකොට පින්වතුනි, අර පෙනෙන බව ඇතිකරපු එකේ නිරෝධය දන්නේ නැති නිසා තමයි ඒ ස්කන්ධ ටික පිළිබඳව අම්මා කියන මේ පැවැත්මට මේ කෙලෙස් සහිත වුන මේ ස්කන්ධ ටිකට උපදින්න පුළුවන්කම තිබුනේ. ඇයි? අර පෙනෙන බව ඇතිකරපු ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වුනේ නැති නිසා. මම කියන එක පවත්වන්න පුළුවන්කම තිබුනේ ඇයි? අර පෙනෙන බව ඇතිකරපු ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුනා කියලා දන්නේ නැති නිසා. එහෙනම් අර අනිත් ඔක්කොම එල්ලිලා තියෙන්නේ කොහෙද? මේ පෙනෙන බව ඇතිකරපු ස්කන්ධ පංචකය පිළිබඳව නැතිනම් පංචඋපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති හැටියට නොදැක්ක නිසා. එහෙම නොදකින තැනක ඔබට දරුවට ආදරෙයි කියලා එන්නේ නැහැනේ නේ? එහෙම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. පින්වතුනි, මොහොතකට කල්පනා කරලා බලන්නකෝ අර මාළුංක්‍ය පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්ම කාරණාව පිළිබඳව. මාළුංක්‍ය පුත්ත ඔබට අතීතයේදී දැකලත් නැත්නම්, වර්තමානය තුළ දකින්නෙත් නැත්නම්, අනාගතය තුළ දකීවී ඇයි අදහසකුත් නැත්නම් මේ දකින බවක් නැත්නම් ඔබට එබන්දු වූ රූපය පිළිබඳව ඡන්ද රාගයක්, හිතේ කැමැත්තක් උපදීද? නිකන් ඔබ ඔබෙන් ප්‍රශ්න කරලා බලන්නකෝ ඔබට කැමැත්තක් උපදීද එහෙම? නැහැ. ඔබට කැමැත්තක් උපදින්නේ නැහැ. ඇයි පින්වතුනි, ඔබට කැමැත්තක් උපදින්නේ නැත්තේ? කැමැත්තක් උපදින්න හේතු ටිකක් නැහැ. එහෙනම් අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? දැක්කා, දකිනවා, දකින්න පුළුවන් වෙයි. මේ මේ ස්වභාව ටික මත තමයි පින්වතුනි, ඔබ කැමැත්ත උපදවගෙන තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න. දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම නම්, දකිනවා කියන එක දැකීම මාත්‍රයක් විතරක්ම නම්, සෑම මොහොතකදීම සිද්ධ වෙන්නේ දකින බව ඇති කරන ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා නම්, දැකීම එතනින් පස්සෙම නිරුද්ධයි. ඒ පිළිබඳව දැනගත්තා නම්, දැනගත්ත බව ඇතිකරපු ස්කන්ධ ටික දැකපු ස්කන්ධ ටික දකින බව ඇතිකරපු ටික නෙමෙයි. ඒ ටික දැනගැනීමෙන් පස්සේ නිරුද්ධ නම්. ඒ හැම තැනකදීම ලෝකය සහ තමන් කියලා පනවන්න දෙයක් හම්බවෙන්නේ නැහැ. එයාට හැම තැනකදීම පේන්නේ මොකක්ද? පංචඋපාදානස්කන්ධයක් උපදුනා. පංචඋපාදානස්කන්ධයක් නිරෝධයට පත්වුනා කියන එක. එතකොට පංචඋපාදානස්කන්ධය දුක පිරිසිඳ දැකලා ඉවරයි කියන තැනට ඊටපස්සේ පත්වෙනවා. මෙන්න මේ විදිහට පින්වතුනි, සම්මා දිට්ඨිය ඔබට උදව් කරනවා. ඒ සඳහා සම්මා සංකල්පනාව, ඔබට මනසිකාරය පැවැත්වීම් හැටියට උපකාරී බව සලසා දෙනවා. වාචා, කම්මන්ත ආජීව ඔබේ චර්යා පද්ධතිය ඇතුළේ ඔබේ සීලය පැත්තෙන් ඔබට ලබාදෙන්නට තියෙන ශික්ෂණය ලබාදෙනවා. ඒ කියන්නේ කොයි වෙලාවකවත් ඔබව ඉක්මවා යන්න පුළුවන් සිතක් ඒ තැනක උපදින්නේ නැහැ. අකුසලයේ පැත්තට නැඹුරු යන්නට අවිද්‍යා නිශ්‍රිතව එබන්දු පැවැත්මක් කවදාවත් ඇතිකරන්නේ නැහැ. ඒ වගේම වායාම සති සමාධි කියන මේ අංග ටිකෙන් ඔබට නැවත නැවත ඒ යථාර්ථය ස්මතු කරලා ප්‍රකට කරලාම දක්වා තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රතිපදාව මාර්ගය හැටියට ඔබට වඩන්නට පුරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ පංචඋපාදානස්කන්ධ ධර්මය පිරිසිඳ දකින ආකාරයට ඔබට පවත්වාගන්නට පුළුවන් නම් ඒ තුළ විශද වෙන්නේ, ප්‍රකට වෙන්නේ මේ හේතුඵල දර්ශනය. ඒ නිසා ධර්මය ඇසුරු කරන ඔබට මේ හේතුඵල ධර්මය පිළිබඳව නිවැරදි ආකාරයේ නුවණක් ඔබට ඇතිකරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නුවණ ඇතිවීම තුළම තමයි පින්වතුනි, ඔබට නිවීම ලැබෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිවීම උපදවා ගැනීම සඳහා ඔබට අප්‍රමාදී වන්නට කියලා බොහොම කල්‍යාණ මිත්‍ර භවින් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයන් පවත්වමින් වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුන මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය, අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙලොවටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතු උපනිශ්‍රයම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරනවා.

[33:55]දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධුනාදයෙන් මේ පින් අනුමෝදන් වුනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රයම වේවා කියලා සාධු කියලා දෙවියන්ටත් පින් දෙන්න.

Need another transcript?

Paste any YouTube URL to get a clean transcript in seconds.

Get a Transcript